ඔයා ඒ අහසට පැලෙන්න ආදරේ කරාට...
මට ඔය අහසට ආදරේ කරන්න බෑ යශ්...
අහසට ආදරේ කරන උන් කෝටි ගාණයි...
පොළොවට ආදරේ කරන උනුත් ඒ ගානමයි...
ඉතිං මට කියන්න යශ්...
ආදරෙන් පිරෙන්න විදින උන්ටම
මං ආදරේ කරන්න ඕනෙ මොකටද ?
මට ඕනෙ ආදරේ ගෑවෙන්නෙවත් නැතුව
මැලවිලා යන දුප්පත් මලකට ආදරේ කරන්න...
ඒත් කැලෑ මල් වලටත් ආදරේ කරන්න
මිනිස්සු ඉන්න මේ කාලේ මං කාට කියලා
නම් ආදරේ කරන්නද ?
ඉතිං කියන්න යශ්...
කාගෙන්වත් ආදරයක් නැතුව
මැලවිලා යන මටම ආදරේ නොකර
මං ආදරේ පැලෙන්න තියෙන උන්ට
ආදරේ කරන්න ඕනෙද.. ?
🤍🥀
▾
▾
▾
𝙻𝙾𝙾𝙽𝙰... ♡
@kathalokaya 💕