🥀*ඇය නිහඬයි*🥀
දෙසවන බිහිරි කරවන තරම් නලා නාදයකින් රෝහල වෙත පැමිණි ගිලන් රථයකි...කලබලයෙන් ඔබ මොබ දිවයන් වෛද්‍යවරුන් , හෙදියන් මෙන් ම සාත්තු සේවයකයන් පිරිසකි...අසල මහ හඬින් විලාප තබමින් හඬා වැලපෙන අම්මා කෙනෙකි...තවත් පසෙක ඇත්තට හෝ බොරුවට දෑස් තුළ කඳුලු පුරවා ගත් නෑදෑ අසල්වැසි පිරිසකි...මේ සියල්ල සමග සිදුවන දේ කුමක් දැ යි බැලීමට ආ වෙන ම පිරිසකි...
"හැමෝ ම ඔතනින් අයින් වෙලා ඉඩ දෙන්න මේ ලෙඩාව icu එකට ගෙනියන්න" එලෙස කෑ ගැසුවේ රෝහලේ සාත්තු සේවකයෙකි.
ඒ සමගම ට්‍රොලියක ගෙන ගියේ අවුරුදු 20ක් තරම් වයසැති තරුණියකි.
ඒ සමගම වෛද්‍යවරුන් දෙදෙනෙක් පමණද හෙදියන් කිහිප දෙනෙක්ද ඇතුලු පිරිසක්ද icu එකට ඇතුලු වුනි...
Icu එකේ දොර වැසුණි.නමුත් අර අම්මාගේ විලාපය නම් අඩු නොවුනි.
පැය බාගයක් පමණ ගත විය.අසල සිටි මිනිසුන් පිරිසද කෙමෙන් කෙමෙන් ඉවත් විය.
Icu එකෙන් පිටතට පැමිණියේ වෛද්‍යවරයෙකි...
ඒ සමගම...
"ඩොක්ට ඩොක්ට කොහොමද මගෙ දරුවට"
"සමාවෙන්න අම්මා,අපිට දරුවව බේරගන්න බැරිවුණා"
"අනේ දෙයියනේ මගේ දරුවා" ඒ සමගම ඒ මව සිහිසුන් විය.
"මේ කොළ කෑලි දෙක ඒ ළමයගෙ ගවුමෙ සාක්කුවෙ තිබුණෙ" වෛද්‍යවරයා අසල සිටි නෑදෑයෙක් යැයි කිව හැකි අයෙකුට දුන්නේ හතරට නැවූ කොළ කැබැලි දෙකකි....
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
....අම්මා වෙත....
අම්මේ...
මං දන්නවා මේක වැරැද්දක් කියලා...
ඒත් මොනවා කරන්නද...
මං හරි අසරණයි...
හැමෝම මට බනීවි...
මෝඩ කෙල්ලෙක් කියාවි...
කොල්ලෙක් නිසා බෙල්ලෙ වැල දාගන්න පිස්සුද අසාවි...
ඒත් අම්මේ කවුරුත් දන්නෙ නෑ මගේ දුක...
මට මේ දේවල් අම්මට කියන්නත් බෑ...
පොඩි කාලෙ තාත්තගෙ ආදරේ ලැබුනෙ නැති මම ඒ ආදරේට ඇබ්බැහි වුනා...
එයා මාව දාලා ගියාම මට ඒක දරාගන්න බැරි වුනා...
මට සමාවෙන්න අම්මේ...
මං මේ ලෝකෙන් ගියා ම මගේ අවයව ටික කාටහරි දෙන්න...
අඩුම ඒ පිනවත් මට හම්බවෙයිනෙ...
මං දන්නවා මේක ලොකු පවක්...
ඒක නිසා ලබන ආත්මෙ මට අම්මා ගාවට එන්න බැරිවෙයි...
අන්තිම පාරට කියන්නම් මං අම්මට ආදරෙයි...
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
...මේක හැමෝටම...
කාටහරි ආදරෙයිනම්...
කවදාවත් එයාව අතාරින්න එපා...
මොකද ඔයාට දරාගන්න පුලුවන් වුනාට...
එයාට දරාගන්න බැරිවෙන්න පුලුවන්...
ඔයාට එයාව එක්කෙනෙක් වුනාට...
එයාට ඔයාව මුලු ලෝකෙම වෙන්න පුලුවන්...
ආදරේට අවංක වෙන්න...හැමදේම ලස්සන වේවි 💯🥀
(HSR)
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
@kathalokaya 💕