හුස්මකත් උබව ලියවුණා එදා !
උබ එක්ක පොරබදද්දි
මට වාරු නැති උනා...
උබේ තනි වාරුවෙන්
මං මාව සැනසුවා...
නැති හුස්මකත් තියෙන
ලිහිල් පොට ලිහ ලිහා...
තව තවත් මං උබට
වහ වැටුණා පේ වෙලා...
කියාගන්නට නොහැකි
කතන්දර හිර උනා...
දෙතොලතරෙ හිර උණත්
අධි රහට ලිය වුණා...
දැණුන හැම අංශුවම
උබට පිං තිය තියා...
මං උබට කියන්නම්
හුස්මකත් උබව ලියවුණා එදා !
අංජු _ 🩵
@kathalokaya 💕