දරාගන්නට නොහැකි තැනදී නුඹේ පපුවට බරව හිඳිමී
සිතේ දහසක් හැඟුම් සිරකර නුඹේ වත දෙස බාල සිටිමී
බොහෝ දුර තව තනිව යන්නට ඇති නමුත් මග තනිව හිඳිමී
නුඹේ වඳනින් සවිය ලැබගෙන නැවත එම මග ගමන් කරමී..
නුඹෙන් ලද ආදරය හමුවේ නුඹේ සවියම වෙලා හිඳිමී
හිත රිදුම් දෙන තැන් ඇතත් මට නුඹේ නාමෙන් දරා සිටිමී
ආදරයනම් දරාගැනුමයි එය නුඹෙන් මම ඉගෙන ගතිමී
සසර සරණා හැම භවයකදිම නුඹේ සරණම පතා හිඳිමී..
නුඹේ දැකුමද සැනසුමක් මට ඉතින් ඒ රුව සිතින් මවමී
නුඹේ සුසුමන් දැනෙන මොහොතක දෑස් පියමින් සිතින් විඳිමී
කලාතුරකින් නුඹව දුටුවද ඒ හැඟුම් එක ලෙසම විඳිමී
නුඹේ වදනින් මගේ සිතුවිලි පහන් කරවා තබා ගනිමී..
හිරු කිරණ ලොව එලිය කෙරුවද සඳේ සිසිලම පතා සිටිමී
නුඹ සඳක්නම් ළොවම එළිකල, තනි තරුව වී ළඟින් සිටිමී
උපදිනා හැම භවයකම දී නුඹේ ලෝකය එකලු කරමී
තනිව යන ගමනේදි පමණක් නුඹම පතමින් ලොවෙන් මිදෙමී..
✍️ ❤️
@kathalokaya 💕