කාරි නෑ සඳ මගෙ ලොව එළිය නොවුනට..
කියල කිව්වට ඔයා මට..
හැමදාම දැණුණේ මට
ඒක බොරුවක් වග.
ආදරේ කලා ඔයා මට
මං ඔයාට ආදරේ තරමටම..
ලං වෙයිද නැති වෙයිද දන්නෙ නැති හෙටට
බයේ ඇයි මේ වෙන් වෙන්නෙ අදම?
ටික කාලයයි අපි හමුවෙලා තවම..
මේ තරම් ඉක්මනින් යන්න නම් ඇයි සඳ
එළිය කරේ මගේ හිත් අහසම?
ආසයි මට කියන්නට
ඔය හිස පපුවට තුරුළු කරගෙන,
යන්න එපා සඳ ඔයා මගෙ පණ..
නවතින්න වගේ මගෙ හුස්ම..
එන්න මං එක්ක,
අපේ හීන හොයාගෙන..
හයිය දෙන්නම් මම ජීවිතේ පුරාවට,
බැරි වෙන්නෙ නෑ අපට
විශ්වාස කරමු අපි අපිව..
තවත් යන්නම ඕනිමනම් හදිසියෙන්ම
අපි දෙතැනක විඳවන බව දැන දැනම...
නොකියන හේතු අසන්නට
තවත් නැහැ හිතක් මට..
කරදරයක් වග දැන දැනම
අල්ලන් ඉන්න බෑ මට තව..
සැනසීම වෙනතක නම් ඔයා හොයන,
ඉතින් යන්න මගේ පණ
මගේ හුස්මත් අරගෙනම..
දන්නවා නේද අමාවකටත්
නොපෙනුනත් සඳ අහසේම ඉන්න වග?
ඉතින් ඉන්නම් මම,
අපේ මතක තුරැළු කරගෙන..
සංසාරෙ කවදා හෝ
ඔයාම මාව හොයාගෙන එන තුරුම..
🌬...Mishty...🌑
@kathalokaya 💕
කියල කිව්වට ඔයා මට..
හැමදාම දැණුණේ මට
ඒක බොරුවක් වග.
ආදරේ කලා ඔයා මට
මං ඔයාට ආදරේ තරමටම..
ලං වෙයිද නැති වෙයිද දන්නෙ නැති හෙටට
බයේ ඇයි මේ වෙන් වෙන්නෙ අදම?
ටික කාලයයි අපි හමුවෙලා තවම..
මේ තරම් ඉක්මනින් යන්න නම් ඇයි සඳ
එළිය කරේ මගේ හිත් අහසම?
ආසයි මට කියන්නට
ඔය හිස පපුවට තුරුළු කරගෙන,
යන්න එපා සඳ ඔයා මගෙ පණ..
නවතින්න වගේ මගෙ හුස්ම..
එන්න මං එක්ක,
අපේ හීන හොයාගෙන..
හයිය දෙන්නම් මම ජීවිතේ පුරාවට,
බැරි වෙන්නෙ නෑ අපට
විශ්වාස කරමු අපි අපිව..
තවත් යන්නම ඕනිමනම් හදිසියෙන්ම
අපි දෙතැනක විඳවන බව දැන දැනම...
නොකියන හේතු අසන්නට
තවත් නැහැ හිතක් මට..
කරදරයක් වග දැන දැනම
අල්ලන් ඉන්න බෑ මට තව..
සැනසීම වෙනතක නම් ඔයා හොයන,
ඉතින් යන්න මගේ පණ
මගේ හුස්මත් අරගෙනම..
දන්නවා නේද අමාවකටත්
නොපෙනුනත් සඳ අහසේම ඉන්න වග?
ඉතින් ඉන්නම් මම,
අපේ මතක තුරැළු කරගෙන..
සංසාරෙ කවදා හෝ
ඔයාම මාව හොයාගෙන එන තුරුම..
🌬...Mishty...🌑
@kathalokaya 💕