මං මොකද්ද කරපු වැරැද්ද... ?
රවට්ටන්න රවට්ටන්න ආදරේ කරපු එකද...?
කවදා හරි හැදෙයි කියලා බලාගෙන හිටපු එකද...?
කිසිම දේක වෙනසක් නැතිම තැන එතනින් අයින් වුණ එකද...?
මට රිද්දන මිනිස්සුන්ගෙන් ඈත් වුණ එකද...?
මගෙ විශ්වාසෙ කඩපු මිනිස්සු අත් හැරපු එකද...?
ඒ අත් හැරියට පස්සෙ...
මට මගෙ හිත හදාගන්න වෙන මනුස්සයෙක්ට ලං වුණ එකද...?
ඒකද... දාහක් කතා කිය කිය මාව හිතක් පපුවක් නැති මිනිහෙක් කරන්න හේතුව...?
මං එක හිතක් නැති බොරුකාර මිනිස්සු එක්කම ඉඳ ඉඳ ජීවිතේ නාස්ති කරගන්න ඕනෙද...?
ඇත්තටම මං මොකක්ද කරපු වැරැද්ද මගෙ ජීවිතේම කැප කරලා ආදරේ කරපු මනුස්සයා මට තව තවත් බොරු කරද්දී ඒ මනුස්සයාව අත් හැරලා ගියපු එකද...?
තුන් කොනක එක කොනක් වෙලා ඉදලා කොන් දෙකක් විතරක් ඉතුරු වෙන්න ලිහිලා ගියපු එකද...?
• R U V I 🦋💜 •
(උත්තර නැති ප්රශ්න)
@kathalokaya 💕