මට එක මනුස්සයෙක් දකින්න ආසයි...
ඒ මනුස්සයා කොහොම ඉන්නවද බලන්න ආසයි...
ඒත් ඒක කවදාවත් වෙන්නෙ නෑ...
මේ රට කොච්චර පුංචි වුණත් ඒ ඇස් ආයෙ
මුණ ගැහෙන්නෙ නෑ... මුණ ගැහෙන්න ඕනත් නෑ...
මොකද මගෙ යටි හිත කොච්චර ආස වුණත්..
" ආයෙ කවදාවත් ඒ මනුස්සයාව නම්
මගෙ ඇස් ඉස්සරහට ගේන්න එපා... "
ඇත්ත...
අපි ආදරේ කරපු මනුස්සයා
කොච්චර නරක කෙනෙක් වුණත්
ඒ මනුස්සයා ගැන හිතේ තිබුණු ආදරේ
අංශු මාත්රයක කොටසක් හරි හිතේ ඉතුරු වෙනවා...
වෙන්න දෙන්න හොඳම නැත්තෙ
ඒ ආදරේ හිතේ ඉතුරු වෙන එක නෙමේ
ඒ ආදරේට ආයෙ හිතෙන් ගොඩ එන්න දෙන එක
එහෙම උනොත් ඒ ආදරේ ආයෙ මුළු හිතම ආක්රමණය කරනවා...
🤍🥀 "
• R U V I 🦋💜•
@kathalokaya 💕