තන්තුවෙන් බරදාලා ඇදගෙන යන්න
නුඹව මට බරවැඩි නැහැයි සිතුවා
වාත ප්‍රතිරෝදය වලක්වන්
මාත් දුරගමනක් යන්න නම් හිතුවා
ටිකෙන් ටික දුරයද්දී
ආනත තලයකට ආවහම
නුඹෙනුත් හයියක්
දැන් නොලැබෙනබව මට දැනුණා
නුඹේ බරවාගේම
ඈ ඇතිකළ ඝර්ෂණ බලයත්
මගේ ප්‍රේමයේ බලයට සමාන වුණා
නුඹව ඉහලට අරගෙන එන්න
කප්පිය හරහා මං පහලටම ගමන්කරා
මාව බිමවැදී නැවතුනු කල
නුඹට එකතැනක හිඳුමත් නොරිසි වුණා
තන්තුවේ භේදක බලය ඉක්මවා
මගේ ග්රහණයෙන් ඈතට නික්මුණා
නුඹත් දෙවරක් නොසිතා
ඒකාකාර ත්වරණයෙන්
ඈ වෙතට ලංවුනා
#samoo
@kathalokaya 💕
නුඹව මට බරවැඩි නැහැයි සිතුවා
වාත ප්‍රතිරෝදය වලක්වන්
මාත් දුරගමනක් යන්න නම් හිතුවා
ටිකෙන් ටික දුරයද්දී
ආනත තලයකට ආවහම
නුඹෙනුත් හයියක්
දැන් නොලැබෙනබව මට දැනුණා
නුඹේ බරවාගේම
ඈ ඇතිකළ ඝර්ෂණ බලයත්
මගේ ප්‍රේමයේ බලයට සමාන වුණා
නුඹව ඉහලට අරගෙන එන්න
කප්පිය හරහා මං පහලටම ගමන්කරා
මාව බිමවැදී නැවතුනු කල
නුඹට එකතැනක හිඳුමත් නොරිසි වුණා
තන්තුවේ භේදක බලය ඉක්මවා
මගේ ග්රහණයෙන් ඈතට නික්මුණා
නුඹත් දෙවරක් නොසිතා
ඒකාකාර ත්වරණයෙන්
ඈ වෙතට ලංවුනා
#samoo
@kathalokaya 💕