හීන් හිරිකඩ ළහිරු කිරණ මැද
විහඟ කිචි බිචියේ අපූරුව මැද
නෙළා මල් මිට දරා සුරතෙ අද
කිසිත් නොකීයා කඩදහිය ගෙන
හෙමි හෙමින් මා නුඹව දැකුමට
පියනගාගෙන සිත්පිනාගෙන
අසල වූ අරලිය ගසෙන් සුදු
අරලිය මලක් දෝතට නෙලා ගෙන
විහඟ රැල අද මඟ කියාවිද
වෙනදා මෙන් අද මඳ සුළඟ නැත
නුඹේ සිත් ගත් මල් ගවුම හැඳ
එන්නෙමී නුඹ හා දොඩන්නට
පුරා මසකුත් ගෙවීලා දැන්
නුඹෙන් පිළිතුරු තාම නෑවිත්
දැන දැනත් කවි ලියනවා තව
ඔබෙන් පිළිතුරු කවි නොආවත්
කන්ද පාමුල වෙතට ඇවිදින්
හීන් කඳුලින් දෙනෙත තෙත් කර
නවා ගුලිකර ලියුම් කඩදහිය
තබා යන්නම් නුඹේ සොහොන මත
ගිය දිහාවෙන් ඉක්මනින් දැන්
ඇවිත් යනවද කුමරුනේ මා
කල්ප ගණනක් බලා ඉන්නම්
නුඹෙන් පිළිතුරු කවිය එනකම්
#samoo
✍️ Samodha Sandeepani
@kathalokaya 💕
විහඟ කිචි බිචියේ අපූරුව මැද
නෙළා මල් මිට දරා සුරතෙ අද
කිසිත් නොකීයා කඩදහිය ගෙන
හෙමි හෙමින් මා නුඹව දැකුමට
පියනගාගෙන සිත්පිනාගෙන
අසල වූ අරලිය ගසෙන් සුදු
අරලිය මලක් දෝතට නෙලා ගෙන
විහඟ රැල අද මඟ කියාවිද
වෙනදා මෙන් අද මඳ සුළඟ නැත
නුඹේ සිත් ගත් මල් ගවුම හැඳ
එන්නෙමී නුඹ හා දොඩන්නට
පුරා මසකුත් ගෙවීලා දැන්
නුඹෙන් පිළිතුරු තාම නෑවිත්
දැන දැනත් කවි ලියනවා තව
ඔබෙන් පිළිතුරු කවි නොආවත්
කන්ද පාමුල වෙතට ඇවිදින්
හීන් කඳුලින් දෙනෙත තෙත් කර
නවා ගුලිකර ලියුම් කඩදහිය
තබා යන්නම් නුඹේ සොහොන මත
ගිය දිහාවෙන් ඉක්මනින් දැන්
ඇවිත් යනවද කුමරුනේ මා
කල්ප ගණනක් බලා ඉන්නම්
නුඹෙන් පිළිතුරු කවිය එනකම්
#samoo
✍️ Samodha Sandeepani
@kathalokaya 💕