සාමකාමි මුහුදු රැල්ලක් වගේ අහිංසක මුතු ඇස් තියෙන අහිංසක පිරිමි ළමයට.
ඔයා දන්නවද පිරිමි ළමයෝ ඔයා මගෙ ජීවිතේට ආවත් හරි මගෙ ජීවිතේ මං ඔයාට කියන කතන්දර වල තියෙන මායා ලෝක වගේ ලස්සන වෙලා මායාවන්ගෙන් පිරිලා ගිහිල්ලා.
ඉස්සර පිස්සුවෙන් වගේ හැරී පෝටර් ගැන කතා කියලා මං ඔයාවත් ඒ ලෝකෙට ඇදලා ගත්තා මතකද.අන්න ඒ ලෝකෙ වොල්ඩර්මෝට් නැතුව කොච්චර ලස්සන වෙන්න තිබ්බද අන්න ඒ වගේ මගෙ ජීවිතෙත්.
ඊට පස්සෙ මං ඔයාව පිස්සු වැට්ටුවෙ Untamed ගැන කියලා.Bromance කතාවක් වුණත් ලන්ශාන් වෙයියින් දෙන්නව (Yizhan) කපල් කරලා මං පිස්සුවක් නැටුවා මතකද.ඇත්තටම එයාලා කපල් එක වුණා නම් කොච්චර ශෝක්ද.
ඇත්තටම හැමදේම ඇත්ත ජීවිතේ වෙනවා වගේ ඔයා මාව ආදරෙන් පිරෙව්වා.
හැරී පෝටර් වොල්ඩර්මෝට් නැතුව සාමකාමි වෙනවා වගේ ලන්ශාන් වෙයියින් දෙන්නා එකතු වෙලා හැමදේම ආදරෙන් පිරෙනවා වගේ ඔයත් මගෙ ජීවිතේ සාමකාමි ආදරෙන් පිරුණු තැනක් කරා.
අනේ ඉතිං ස්තූතියි මගෙ අහිංසක පුංචි පිරිමි ළමයෝ..ඔයා හින්දා මගෙ ජීවිතෙත් ඒ කතන්දර වගේම හරි ලස්සන තැනක් වුණා.
"සමුදුරක පිපුණු ඩේසි" කියවලා ඔයාටත් සමුදුරු වගේ වෙන්න ඕනෙ කිව්වට සමුදුරු මගෙ ළඟින් ඉන්න ඔයාම තමයි පුංචි පිරිමි ළමයෝ.
Cinderella. 🩵🌸🕊