ඔයා එක්ක මේ ගෙවෙන හැම මිලිතප්පරේකටම මං නොසෑහෙන්න ආදරේ කරනවා...
ඔයා එක්ක ඉද්දි මේ දැනෙන නිදහස , හිතට දැනෙන ඒ කියාගන්න බැරි සැනසීම මේ හැමදේකිම්ම මට දැනෙන්නෙ අපේ ආදරේ...
" මේ ලෝකෙ කවුරු නැතත් ඔයාට මං ඉන්නවනෙ...! "
මං අහන්න ආසම ඒ වචන ටික...
මොන දෙයක් සිද්ධ උනත් ඔයා හැමදාම මාව හරි ලස්සනට හිනස්සලා මට හිනාවෙන්න හේතුවක් උනා...
ඔව් ඒක ඉස්සර ඉදම්ම ඔයා මට දුන්න දෙයක්...
සැනසීමෙන් තමන්ගෙ දේවල් හංඟන්නැතුව කියන්න පුළුවන් පිරිමියෙක් මුණගැහෙන එකම නෙමෙයි , ඒ පිරිමියගෙන් විතරක්ම සැනසෙන්න පුළුවන් වෙන එකම ඇති ගෑණියෙක්ගෙ ආදරේ අඩු නැතිව පෙන්නන්න...
තමන්ගෙ ජීවිත වලට ඇවිත් කාලෙ නාස්ති කරල ගියපු මිනිස්සු වෙනුවෙන් පුංචිමවත් ඉඩක් වෙන් නොකර මේ දෙන ආදරේ මහ කියාගන්න බැරි තරම් සැනසීමයි...
" දන්නවද ඔයාගෙ පළවෙනි ආදරේ මං වගේම , මගේ පළවෙනි ආදරේ ඔයා...මට කලින් ආදරේ කරන්න අය ඉදලා නෑ...ඔයා තමා මට දැනුණ , මට මවපු එකම කෙනා..."
පුංචි පුංචි වචන වලින් මාව හරි ලස්සනට නිවන්නෙ ඔයාමයි...
මට ඇත්තටම සතුටුයි ඔය පිරිමි හිත මට මුණගැහුනු එකට...
ඒ වගේම මටම විතරක් වෙන් වුණු එකට...
ආදරෙන් ඔයාටම...❤️💐
@kathalokaya 💕