Video is unavailable for watching
Show in Telegram
හැමදේම සීමිත අවස්ථා වලට කෙටි වෙද්දි...
ජීවිතේ අතෑරලා යන්න හේතු හුඟ දෙනෙක්ට හැදෙද්දි...
සැනසිලිදායකම සෘතු වපුරනවට...
ඒ වගේම මිලිතප්පරයක්වත් අපතේ නොයා හිනාවම ගේන්න හේතු හොයනවට...
මනඃකල්පිතයක් නොවී හැබැහින්ම ප්‍රේමය පුදනවට...
හුස්ම ගන්න අවස්ථා අනන්තයක් දෙනවට...
ඔයාට අනන්ත දහස් වාර ගාණක් පිං...
ඔයාගෙ පිනි පාට හාදුවල තැවරුණු ලා සුවඳ , ඒ මැද්දෙන් මට දැනෙන උහුලගන්න අමාරු තරමේ ප්‍රේමණීය හෝරාවන්...
මේ හැමදෙයක්ම පිනි පාට සෘතුවල තවත් එක් ආත්මීයම බැඳීමක් වෙන්නෝනි...
ඉතින් ,
මං ඔයාව අත්හැරගන්නෙ කොහොමද...?
තව තවත් ඔයාටම විතරක් ළං වෙනවා ඇරෙන්න...
♡ "
@kathalokaya 💕